Friday, May 17, 2024

General line - 0115112241

ඡන්දෙ දාන්න ගමේ යන අයට අමතර බස් සේවා




මහ මැතිවරණයේ ඡන්දය ප‍්‍රකාශ කිරීම සඳහා ගම්බිම් බලා පිටත්ව යන ජනතාව වෙනුවෙන් අමතර බස්රථ යොදවා ඇති බව ලංකා ගමනාගමන මණ්ඩලය පවසනවා.

ඒ අනුව අමතර බස්රථ 100 ක් අද (04) දිනයේදී ධාවනයට එක් කෙරෙන බවයි එහි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ධාවන පණ්ඩුක ස්වර්ණහංස නෙත් නිවුස් වෙත පැවසුවේ. 

මගී ජනතාවගේ අවශ්‍යතාව මත අමතර බස්රථ ධාවනයේ යෙදවීමට සිය සංගමය ද සූදානම් බව අන්තර් පළාත් පෞද්ගලික බස් සංගමයේ සභාපති සරත් විජිතකුමාර පැවසුවා. 

කෙසේවෙතත් දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවේ අද දිනයේදී සාමාන්‍ය පරිදි දුම්රිය ධාවන කටයුතු සිදුකෙරෙන බවයි.