Friday, May 17, 2024

General line - 0115112241

ශ‍්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ සභාපති අස්වීමට තීරණය කරයි




ශ‍්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ සභාපති ලෙස කටයුතු කළ ආචාර්ය දීපිකා උඩුගම එම ධූරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව එළඹෙන සැප්තැම්බර් මස 01 වැනිදා සිට තමන් එම ධූරයෙන් ඉවත් වන බව ව්‍යවස්ථා සභාවට දැනුම් දුන් බවයි ඇය සඳහන් කළේ.

ඒ පිළිබඳ ආචාර්ය දීපිකා උඩුගම, ව්‍යවස්ථා දායක සභාවට දැනුම්දුන් බව එහි සභාපති හිටපු කථානායක කරු ජයසූරිය මහතා ද ඊයේ රැස්වූ ව්‍යවස්ථා දායක සභාවට දැනුම් දි තිබෙනවා.