Friday, May 17, 2024

General line - 0115112241

උප පොලිස් පරීක්ෂකවරයෙක් අත්අඩංගුවට




අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්‍ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර සමග එක්ව සාවද්‍ය සාක්ෂි නිර්මාණය කිරීම සම්බන්ධ චෝදනා යටතේ උප පොලිස් පරීක්ෂකවරයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, කොළඹ අපරාධ කොට්ඨාශය විසින්.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ඇඹිලිපිටිය පොලිස් ස්ථානයට අනියුක්ත පෝද්දල ප‍්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි පොලීසිය පැවසුවේ.

අදාළ උප පොලිස් පරීක්ෂකවරයා කොළඹ අපරාධ කොට්ඨාශය වෙත ගෙන්වා ප‍්‍රකාශයක් ලබාගැනීමෙන් අනතුරුව මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙනවා.  

හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධනට එරෙහිව පවතින නඩු කටයුත්තකට අදාළව ගිනිඅවි සඳහා සාවද්‍ය සාක්ෂි නිර්මාණය කිරීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්‍ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර ඉකුත් දා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගර ගත කෙරුණා. ඊයේ අත්අඩංගුවට ගැනුණු උප පොලිස් පරීක්ෂකවරයා මේ වනවිට ගම්පහ මහේස්ත‍්‍රාත් අධිකරණය වෙත රැගෙන ගොස් ඇති බවයි කොළඹ අපරාධ කොට්ඨාශය පැවසුවේ.