Friday, May 17, 2024

General line - 0115112241

මැතිවරණ නිලධාරීන්ට මේවා ගෙනාවොත් වැඩ වරදියි




ඡන්ද මධ්‍යස්ථාන තුළ රාතී‍්‍ර කාලයේ රැඳී සිටින මැතිවරණ නිලධාරීන්ට දුම්වැටි, මත්පැන්, වෙනත් මත්ද්‍රව්‍ය සහ ලයිටර් රැගෙන ඒම සපුරා තහනම් බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශපි‍්‍රය ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් මේ බව සඳහන් කළා. 

මේ අතර  ඡන්ද මධ්‍යස්ථාන තුළ සෞඛ්‍ය ආරක්ෂාව තහවුරු කර ඇති බැවින් මැතිවරණ රාජකාරී සිදුකරන නිලධාරීන් සහ ඡන්ද දායකයින් ඒ පිළිබඳ බියක් ඇතිකර ගත යුතු නොමැති බව ද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.