Friday, May 17, 2024

General line - 0115112241

ඇප ඉල්ලීම් ප්‍රතික්ෂේපයි : සම්පායෝ ඇතුළු සිව්දෙනා රිමාන්ඩ්




බන්ධනාගාර ගත රැඳවියන්ට නීතිවිරෝධී අයුරින් සැප පහසුකම් ලබාදීමේ චෝදනාව මත අත්අඩංගුවට ගනු ලැබ සිටින මිගමුව බන්ධනාගාරයේ හිටපු බන්ධනාගාර අධිකාරි අනුරුද්ධ සම්පායෝ ඇතුළු බන්ධනාගාර නිලධාරින් සිව්දෙනා මෙම මස 18 වෙනිදා රක්ෂිත බන්ධනාගාර ගත කිරිමට මිගමුව මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කරනු ලැබුවා. 

සැකකරුවන්ට ඇප ලබා දෙන ලෙස අධිකරණය හමුවේ ඔවුන්ගේ නීතිඥවරුන් ඉල්ලීම් සිදුකලත් මහේස්ත්‍රාත්වරයා එම ඇප ඉල්ලීම් ප්‍රතික්ෂේප කොට ඔවුන් රක්ෂිත බන්ධනාගාර ගත කිරිමට නියෝග කර සිටියා.