Friday, May 17, 2024

General line - 0115112241

නාකොටික් නිලධාරීන් 13 දෙනා යළි රිමාන්ඩ්




මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමග සබදතා පැවැත්වීමේ චෝදනාව මත අත්අඩංගුවට ගැනුනු පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ නිලධාරීන් 13 දෙනා ලබන 18 වැනිදා දක්වා අද රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා. 

ඒ කොළඹ මහේස්ත‍්‍රාත් ලංකා ජයරත්න විසින්. සැකකරුවන් වෙනුවෙන් ඉදිරිපත් කළ ඇප ඉල්ලීමක්ද මෙහිදී ප‍්‍රතික්‍ෂේප කෙරුණා. 

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මෙම හෙරොයින් ජාවාරම් සමග සැකකරුවන් සම්බන්ධ වී ඇති බව දැක්වෙන සාක්ෂිද අද දිනයේ අධිකරණය හමුවට ඉදිරිපත් කර තිබුණා.