Friday, May 17, 2024

General line - 0115112241

IDH රෝහළේ ප්‍රථිකාර ලබන කොරෝනා ආසාදිතයන් ගණන 14ට බසියි - රටේම ආසාදිතයන් ගණන 299ක් දක්වා අඩුවෙයි




නව්‍ය කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට මෙරටදී තහවුරු කෙරුණු රෝගීන් හට ප‍්‍රතිකාර කෙරෙන ජාතික බෝවන රෝග විද්‍යායතනයේ තවදුරටත් ප‍්‍රතිකාර ලබන්නේ කොරෝනා ආසාදිතයින් 14 දෙනෙකු පමණක් බව රෝහල් වාර්තා අනාවරණ කරනවා. 

ජාතික බෝවන රෝග විද්‍යායතනයේ කායික රෝග විශේඥෂ වෛද්‍ය ආනන්ද විජේවික‍්‍රම නෙත් නිවුස් වෙත සඳහන් කළේ කොරෝනා වසංගතය පාලනය කිරීම සඳහා සහය දුන් රජයට, වෛද්‍යවරුන්ට, හෙද හෙදියන්ට මෙන්ම අනෙකුත් සෞඛ්‍ය කාර්යය මණ්ඩල සඳහා ද ස්තූතිය පළ කරන බවයි.

මෙරට පළමු කොරෝනා ආසාදිතයා ප‍්‍රතිකාර සඳහා ජාතික බෝවන රෝග විද්‍යායතනයට ඇතුළත් කෙරුණේ ඉකුත් මාර්තු මස 11 වනදායි. 

මේ අතර ඊයේ දිනයේදී පමණක් මෙරටින් නව්‍ය කොරෝනා ආසාදිතයින් 06 දෙනෙකු වාර්තා වුණා. ඔවුන් සියලූදෙනා සවුදි අරාබියේ සිට මෙරටට පැමිණ නිරෝධායනය වෙමින් සිටින පුද්ගලයින්. මේවනවිට මෙරටින් නව්‍ය කොරෝනා ආසාදිතයින් 2834 දෙනෙකු වාර්තා වනවා. 

ඉන් සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති සංඛ්‍යාව 2524 ක්. ඒ අනුව නව්‍ය කොරෝනා වෛරසය ආසාදනය වී තවදුරටත් රෝහල්ගතව ප‍්‍රතිකාර ලබමින් සිටින්නේ ආසාදිතයින් 299 දෙනෙකු පමණයි.