Friday, May 17, 2024

General line - 0115112241

දහවල් 2 වන විට දිස්ත්‍රික් රැසක ප්‍රකාශිත ජන්ද ප්‍රතිශතය සියයට 50 ඉක්මවයි




2020 පාර්ලිමේන්තු මහ මැතිවරණය සඳහා අද දහවල් 2.00 වන වීට දිවයිනේ සමස්ත ප්‍රකාශිත ජන්ද ප්‍රතිශතය සියයට 45-50 අතර ප්‍රමාණයක් බව මැතිවරණ නිරික්ෂකයින් සඳහන් කර සිටිනවා.

මාතලේ, මන්නාරම, දිගාමඩුල්ල, නුවරඑළිය, ගාල්ල දිස්ත්‍රික්කයන් හි ප්‍රකාශිත ජන්ද ප්‍රමාණය සීයයට 50 ප්‍රතිශතය ඉක්මවා තිබෙන බවයි දිස්ත්‍රික් තේරිම් භාර නිලධාරින් සඳහන් කර සිටින්නේ.

කොළඹ 51%, ගම්පහ 53%, කළුතර 60%, මහනුවර 55%, මාතලේ 58%, නුවරඑළිය 65%, ගාල්ල 55%, මාතර 54%, හම්බන්තොට 60%, යාපනය 53%, වන්නි 55%, මඩකළපුව 55%, දිගාමඩුල්ල 55%, ත්‍රිකුණාමලය 50%, පුත්තලම 52%, කුරුණෑගල 49%5 පුත්තලම 52%, අනුරාධපුර 50%, මන්නාරම 49.53%, කෑගල්ල 43%, රත්නපුර 41% සහ පොළොන්නරුව 55%, බදුල්ල 50%, මොණරාගල  සහ රත්නපුර 56%, කෑගල්ල 55% ලෙස මේ දක්වා ජන්ද ප්‍රකාශයට පත්වී ඇති ජන්ද ප්‍රතිශත ලෙස දැක්විය හැකි බවයි දිස්ත්‍රික් තේරිම් භාර නිලධාරින් සඳහන් කළේ.