Friday, May 17, 2024

General line - 0115112241

ඡන්ද පෙට්ටිත් විෂබීජහරණයට ලක්වේ




අද පැවැති මහ මැතිවරණයේ ඡන්ද ගණන් කිරීමේ කටයුතු හෙට උදෑසන 07 ට හෝ 08 ට ආරම්භ කිරීමට නියමිතයි. ඡන්ද දායකයින් ඡන්දය ප‍්‍රකාශ කිරීමෙන් පසු ඡන්ද පෙට්ටි රැගෙන යාමට පෙර ඒවා විෂබීජහරණය කිරීම ද විශේෂත්වයක්. ඡන්ද පෙට්ටි රැගෙන යාම සිදුවූයේ ද විශේෂ ආරක්ෂාවක් යටතේයි. 

ඡන්ද පෙට්ටිවල ආරක්ෂාව සඳහා විශේෂ වැඩපිළිවෙළක් කි‍්‍රයාත්මක බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. එහි සභාපති මහින්ද දේශපි‍්‍රය සඳහන් කළේ ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානවලට ඡන්ද පෙට්ටි භාරගන්නා අවස්ථාවේ සිට ඡන්දය ගණන් කිරීම අවසාන වන තෙක් ඡන්ද පෙට්ටිවල ආරක්ෂාව තහවුරු කිරීමට කටයුතු යොදා ඇති බවයි. 

ඒ අනුව එක් පක්ෂයකින් හෝ ස්වාධීන කණ්ඩායමකින් එක් එක් ඡන්ද ප‍්‍රදේශයන් සඳහා නියෝජිතයින් දෙදෙනෙකු බැගින් අද රාත‍්‍රියේ ඡන්ද ගණන් කිරීමේ පරිශ‍්‍රයන් තුළ රැඳී සිටීමටයි අවසර ලබාදි ඇත්තේ.

ඒ අනුව ඡන්ද විමසීම අවසන්වීමෙන් පසු ඡන්ද පෙට්ටි භාරගැනීම නිරීක්ෂණය සඳහාත් රාති‍්‍රයේ ගණන් කිරීමේ පරිශ‍්‍රයේ රැඳී සිටීම සඳහා එක් භාරගැනීමේ ශාලාවක එක් පක්ෂයකින් හෝ කණ්ඩායමකින් නියෝජිතයින් දෙදෙනෙකු පත් කිරීමට අවසර හිමිව තිබෙනවා.