Friday, May 17, 2024

General line - 0115112241

මැතිවරණ නීති කැඩූ 34ක් අත්අඩංගුවට




මහ මැතිවරණයේ ඡන්ද විමසීම පැවැති අද දිනයේ මැතිවරණ පැමිණිලි 29 ක් ලැබී ඇති බව පොලීසිය පවසනවා. පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න සඳහන් කළේ අදාළ පැමිණිලි සම්බන්ධයෙන් පුද්ගලයින් 34 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි. 

ඡන්ද පෙට්ටි රැගෙනයාම සඳහා මේවනවිට සියලූ කටයුතු සූදානම් කර ඇතැයි මෙහිදී ප‍්‍රකාශ කෙරුණා. 

පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මෙම අදහස් පළකළේ අද පස්වරුවේ පැවැති මාධ්‍ය හමුවේදීයි.