Friday, May 17, 2024

General line - 0115112241

පොහොට්ටුවේ ආධාරකරුවන් දෙදෙනෙකුට වැල්ලම්පිටියේදී ප්‍රහාරයක්




කොටිකාවත්ත - මුල්ලෙරියාව ප්‍රාදේශීය සභාවේ සභාපති රංගජීව එදිරිසිංහ ගේ ආධාරකරුවන් පිරිසක් මෙවර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක අජිත් සුබසිංහ ගේ ආධාරකරුවන් දෙදෙනෙකුට වැල්ලම්පිටිය, වෙන්න වත්ත ප්‍රදේශයේදී පහරදී තිබෙනවා.

මෙම පහරදීම සිදුවන ස්ථානයේ කොටිකාවත්ත - මුල්ලේරියාව ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාද සිටිය බවයි වාර්තා වන්නේ.

කොළඹ ජාතික රෝහලේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ පහරදීමෙන් තුවාල ලැබූ පුද්ගලයින් දෙදෙනා රෝහලට ඇතුලත් කොට ඇති බවයි.