Friday, May 17, 2024

General line - 0115112241

මහ මැතිවරණයේ ඡන්ද ගණන් කරන නිලධාරිනුත් විශේෂ පරීක්‍ෂාවකට




මහ මැතිවරණයට අදාළ ඡන්ද ගණන් කිරීමේ කටයුතු ආරම්භ වී තිබෙනවා. කොළඹ දිස්ති‍්‍රක් තේරීම් භාර නිලධාරී ප‍්‍රදීප් යසරත්න නෙත් නිවුස් වෙත කියාසිටියේ ගණන් කිරීමේ කටයුතුවලට අදාළ සියළු නිලධාරීන් අවශ්‍ය මූලික කටයුතු සිදු කිරීමෙන් පසු ගණන් කිරීමේ රාජකාරී ආරම්භ කළ බවයි.

ඡන්ද ගණන් කිරීමේ කටයුතුවලට සහභාගි වන සියළු නිලධාරීන් අද අළුයම විශේෂ සෞඛ්‍ය පරීක්‍ෂාවකටද ලක් කළා. ඒ, වෛද්‍ය අධීක්‍ෂණය මධ්‍යයේයි. සියළු ගණන් කිරීමේ නිලධාරීන් මෙන්ම ආරක්‍ෂක අංශයේ නිලධාරීන්ද මෙම වෛද්‍ය පරීක්‍ෂණයට ලක් කෙරුණා. කොළඹ දිස්ති‍්‍රක්කයේ ඡන්ද ගණන් කිරීමේ කටයුතුවලට සම්බන්ධ නිලධාරීන් විශේෂ ස්කෑන් පරීක්‍ෂණයකටද ලක් කළ බවයි කොළඹ දිස්ති‍්‍රක් තේරීම් භාර නිලධාරී ප‍්‍රදීප් යසරත්න පැවසුවේ. සියළු නිලධාරීන් දත්ත පති‍්‍රකාවක් සම්පූර්ණ කිරීමද අනිවාර්ය වනවා.ඒ අනුව සෞඛ්‍ය ආරක්‍ෂිත ක‍්‍රමවේද අනුගමනය කරමින් ඡුන්ද ගණන් කිරීමේ කටයුතු සිදුවන බවයි නෙත් නිවුස් වාර්තාකරුවන් පැවසුවේ. 

ගණන් කිරීමේ මධ්‍යස්ථාන ඊයේ රාති‍්‍රයේ සහ අද අළුයම විෂබීජ හරණය කිරීමටද කටයුතු කර තිබුණා.

මේ අතර ඡන්ද ගණන් කිරීමේ කාර්යය මණ්ඩලය සඳහා පත්වීම් ලද නිලධාරීන්, අදාළ ශාලා සඳහා දේශපාලන පක්ෂ පත් කර ඇති නියෝජිතයින් සහ අවසර ලත් නිරීක්ෂණ සංවිධාන නියෝජිතයින් ඡන්ද ගණන් කිරීමේ ශාලා පිහිටි පරිශ‍්‍රයන්ට ඇතුළු කිරීම අද පෙරවරුවේ සිදුවුණා. ඡන්ද ගණන් කිරීමේ කටයුතු ප‍්‍රමාදයකින් තොරව සිදුකිරීම සඳහා ඒ සඳහා අවසරලත් සියලූදෙනාට දන්වා ඇති වේලාවට පැයකට පෙර පැමිණෙන ලෙසටයි මැතිවරණ කොමිසම ඊයේ දැනුම් දුන්නේ.

මේ අතර ගම්පහ දිස්ති‍්‍රක්කයේ ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානවල මේ වනවිට ඇති  සූදානම පිළිබද නෙත් නිවුස් වාර්තාකරු ටී කේ ජී කපිල සොයා බැලීමක් සිදුකළා.

මේ අතර මෙවර මහ මැතිවරණයේ ඡන්ද ගණන් කිරීමේ කටයුතු පිළිබද සියලූ තොරතුරු ඔබ වෙත ගෙනඒමට නෙත් එෆ් එම් රේඩියෝව කටයුතු යොදා තිබෙනවා. පළමු ප‍්‍රතිඵලයේ සිට අවසන් ප‍්‍රතිඵලය දක්වා සියලූ ප‍්‍රතිඵල ද සැනින් එසැනින් සවිස්තරාත්මකව ඔබ වෙත ගෙන ඒමටයි සියලූ කටයුතු සූදානම් කර ඇත්තේ.