Friday, May 17, 2024

General line - 0115112241

වැසිබර කාලගුණික තත්ත්වයක් යටතේත් ඡන්ද ගණන් කිරීම අඛණ්ඩව

වසන්ත චන්ද්‍රපාල / සැම්සන් පේ‍්‍රමසිරි




ප‍්‍රදේශ රැසක වැසිබර කාගුණික තත්ත්වයක් පැවතියද ඡන්ද ගණන් කිරීමේ කටයුතු අඛණ්ඩව සිදුවන බව දිස්ති‍්‍රක් තේරීම්භාර නිලධාරීවරුන් පවසනවා. මහ මැතිවරණයට අදාළ ඡන්ද ගණන් කිරීමේ කටයුතු අම්පාර දිස්ති‍්‍රක්කයේද අද පෙරවරුවේ ආරම්භ වුණා. ඒ අනුව එම දිස්ති‍්‍රක්කයේ වැසිබර කාලගුණික තත්ත්වයක් තිබුණද ඡන්ද ගණන් කිරීමේ කටයුතු සාමාන්‍ය පරිදි මේ වනවිට සිදුවන බවයි නෙත් නිවුස් වාර්තාකරු වසන්ත චන්ද්‍රපාල පැවසුවේ.

මෙවර මහ මැතිවරණයේදී අම්පාර දිස්ති‍්‍රක්කයේ ඡුන්දය ප‍්‍රකාශ කිරීමේ ප‍්‍රතිශතය සියයට 73 ක් ලෙසයි දැක්වෙන්නේ. 
කළුතර දිස්ති‍්‍රක්කයේ ඡුන්ද ගණන් කිරීමේ කටයුතු සිදුවන්නේ ද වැසිබර කාලගුණයත් සමගයි. මේ, එහි තත්ත්වය සොයා බැලූ නෙත් නිවුස් වාර්තාකරු සැම්සන් පේ‍්‍රමසිරි. 

මේ අතර මෙවර මහ මැතිවරණයේ ඡුන්ද ගණන් කිරීමේ කටයුතු පිළිබද සියලූ තොරතුරු ඔබ වෙත ගෙනඒමට නෙත් එෆ් එම් රේඩියෝව කටයුතු යොදා තිබෙනවා. පළමු ප‍්‍රතිඵලයේ සිට අවසන් ප‍්‍රතිඵලය දක්වා සියලූ ප‍්‍රතිඵල ද සැනින් එසැනින් සවිස්තරාත්මකව ඔබ වෙත ගෙන ඒමටයි සියලූ කටයුතු සූදානම් කර ඇත්තේ. මෙම ප‍්‍රවෘත්ති ප‍්‍රකාශයෙන් පසුව එහි කටයුතු ආරම්භ කිරීමට නියමිතයි.                             

මේ අතර අධික වැසි සහ තද සුළං හේතුවෙන් විදුලි රැහැන් මතට ගස් කඩා වැටීම හේතුවෙන් ප‍්‍රදේශ කිහිපයකට තවදුරටත් විදුලිය සැපයුම විසන්ධි වී තිබෙනවා. විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය සඳහන් කළේ කොළඹ, කළුතර, රත්නපුර, බදුල්ල, නුවරඑළිය යන දිස්ත‍්‍රික්කවල ප‍්‍රදේශ රැසක විදුලිය බිඳවැටීම් සිදුව ඇති බවයි. අදාළ ප‍්‍රදේශවල විදුලි බල සැපයුම යථා තත්ත්වයට පත් කිරීමේ කටයුතු මේ වන විටත් ආරම්භ කර ඇති බව විදුලි බල හා බලශක්ති අමාත්‍යවරයා සඳහන් කළා.

මේ අතර දුම්රියට මාර්ගයට ගස් කඩා වැටීම හේතුවෙන් කැලණිවැලි දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ල වී තිබූ අතර දුම්රිය මාර්ගයේ පිළිසකර කිරීමේ කටයුතු ද මේ වන විටත් ආරම්භ කර තිබෙනවා.