Friday, May 17, 2024

General line - 0115112241

මැතිවරණ නිලධාරීන්ට එල්ල වන චෝදනා ගැන මහින්ද දේශප්‍රිය කරුණු කියයි




දිස්ති‍්‍රක් තේරීම් භාර නිලධාරීන් විසින් මැතිවරණ කොමිෂන් සභාව වෙත එවනු ලබන ඡන්ද ප‍්‍රතිඵල ද තුන් වරක් පරීක්‍ෂා කිරීමෙන් පසුව නිකුත් කරන බව එහි සභාපති මහින්ද දේශපි‍්‍රය පවසනවා.

කෙසේවෙතත් එම ප‍්‍රතිඵලය වලංගු වන්නේ මැතිවරණ කොමිෂන් සභාවේ නම් කරන ලද නිලධාරීන් සිව් දෙනෙකුගෙන් එක් අයෙකු අත්සන් කළ ලේඛණයක් නිකුත් කිරීමෙන් පමණක් බවයි මෙහිදී ප‍්‍රකාශ කෙරුණේ. 

පක්‍ෂය විසින් ගන්නා ඡන්ද සංඛ්‍යාව වෙනස් කරන බවට සෑම මැතිවරණයකදීම මැතිවරණ නිලධාරීන්ට එල්ල වන චෝදනාවක්. එම ඡන්ද ගණනය කිරීම සම්බන්ධයෙන්ද මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා මෙලෙස පැහැදිලි කළා.

"එහෙම වෙන්නේ නෑ. තෝරනවා..ගණන් කරනවා. පරීක්ෂා කරනවා..නැවත පරීක්ෂා කරනවා...හය පාරක් පරීක්ෂා කෙරෙනවා. අවසානයේ අපි අත්සන් කරපු ප්‍රතිඵලය දීලා තියෙද්දි  කොළඹදි හරි කච්චේරියෙදි හරි වෙනස් කරන්නෙ කොහොමද."