Saturday, May 11, 2024

General line - 0115112241

කොරෝනා නිසා ඉන්දියාව අර්බුද රැසක




ඉන්දියාවෙන් දෛනිකව වාර්තා වන කොරෝනා ආසාදිතයින් ගණන මේ වනවිට 80,000 කට ආසන්න වී තිබෙනවා. ඒ අනුව ගතවු පැය 24 දී පමණක් ඉන්දියාවෙන් කොරෝනා ආසාදිතයින් 79, 457 දෙනෙකු වාර්තා වුණා.

ඒ අනුව මෙතෙක් රටකින් වාර්තා වූ වැඩිම දෛනික කොරෝනා ආසාදිතයින් ගණන එයයි. ඉකුත් දින කිහිපයේදීම ලොව වැඩිම දෛනික කොරෝනා ආසාදිතයින් ගණනක් වාර්තා වුණේ ඉන්දියාවෙන්.

ඒ අනුව ඉකුත් සෙනසුරාදා දිනයේදී පමණක් ඉන්දියාවෙන් හඳුනා ගැනුණු කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 78, 761 ක්. 

මේ අතර ගතවූ පැය 24 තුළ වැඩිම කොරෝනා මරණ ගණනක් වාර්තා වන්නේ ද ඉන්දියාවෙන්. ඒ අනුව ගතවු පැය 24 දී ඉන්දියාවෙන් කොරෝනා මරණ 960 ක් වාර්තා වුණා.

මේවනවිට ඉන්දියාවෙන් සමස්ථ කොරෝනා ආසාදිතයින් 36 ලක්ෂ 19, 169 ක් හඳුනාගෙන තිබෙනවා. එරටින් වාර්තා වන සමස්ථ කොරෝනා මරණ ගණන 64, 617 ක්.