Sunday, May 12, 2024

General line - 0115112241

සරුංගලයක් සමග දැරියක් අහසට ඇදී යයි (VIDEO)




සරුංගල් උත්සවයක් අතර වාරයේදී එයට සහභාගිවූ කුඩා දැරියක් ඇය යවමින් සිටි සරුංගලයත් සමග අහසට ඇදී යාමේ පුවතක් තායිවානයෙන් වාර්තා වනවා. විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියේ මෙම දැරිය අඩි 100ක් පමණ ඉහළ අහසට ඇදී ගොස් තිබෙන බවයි.

නම හෙළි නොකළ මෙම දැරිය ඊයේ දිනයේදී තායිවානයේ, හින්චු නගරයේ පිහිටි නන්ලියාවෝ වරායේ පැවති සරුංගල් උළෙලකට සහභාගී වෙමින් සිටියදී මෙම සිදුවීමට මුහුණ පා තිබෙනවා.

එකවර ඇතිවූ සුළං තත්ත්වයක් සමග සරුංගලයේ පිටුපස කොටස අල්ලාගෙන සිටි මෙම දැරිය අහසට ඇදී ගොස් තිබෙන අතර ඇය අවස්ථා කිහිපයකදී ඉහළ අහසටත් යලි පොළොව දෙසටත් ඇදී එන අයුරු කිසියම් පුද්ගලයෙක් විසින් වීඩියෝ ගත කොට තිබෙනවා. කෙසේ වුවත් එම දැරිය පොළොව මතට පතිත වීමට පෙර අසල සිටි පුද්ගලයින් විසින් බේරා ගෙන ඇත.