Sunday, May 12, 2024

General line - 0115112241

පළමු වසරට ළමුන් ඇතුළත් කිරීමේදී සිදුවෙන වංචාවක් ගැන නෙත් අනාවරණයෙන් පසු බලධාරීන් සොයා යයි




මහනුවර ප‍්‍රදේශයේ පාසලකට පළමු වසර සඳහා ළමුන් ඇතුළත් කර ගැනීමේදී පදිංචි නිවසේ සිට පාසලට ඇති දුර ප‍්‍රමාණය සහතික කිරීම වෙනුවෙන් අධික මුදලක් වැය කිරීමට සිදුවන බවට නෙත් නිවුස් කළ අනාවරණය සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යංශයේ අවධානය යොමුව තිබෙනවා.

සිසුන් ඇතුළත් කිරීම සඳහා අදාළ පාසල වෙත අයදුම්පත් යොමු කරන මව්පියන් වෙත මිනින්දෝරු නිලධාරියෙකු සහ නිලධාරිනියක් ලවා සහතිකයක් ලබා ගන්නා ලෙසට අදාළ පාසලෙන් නිර්දේශ කරන බවයි නෙත් නිවුස් අනාවරණ කළේ. එම සහතිකයක් නිකුත් කිරීම වෙනුවෙන් අය කෙරෙන මුදල රුපියල් 2500 ක්. 

මෙම කි‍්‍රයාවලිය චක‍්‍රලේඛවලට පටහැනි කි‍්‍රයාවක් බවයි නෙත් නිවුස් කළ කරුණු විමසීමකදී අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා පැවසුවේ. නෙත් නිවුස් කළ අනාවරණය සම්බන්ධයෙන් වහාම සොයා බැලීමක් සිදුකර අවශ්‍ය කි‍්‍රයාමාර්ග ගන්නා බව ද අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කළා.