Monday, May 13, 2024

General line - 0115112241

දිවයිනේ නිරිතදිග කොටසේ වැසි තත්ත්වයේ වැඩිවීමක්




දිවයින පුරා, විශේෂයෙන් දිවයිනේ නිරිතදිග ප‍්‍රදේශයේ සහ වයඹ පළාතේ වැසි තත්ත්වයේ තරමක වැඩි වීමක් අද සවස් කාලයේ සිට අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. 

එම දෙපාර්තමේන්තුව සදහන් කළේ ඌව, නැගෙනහිර සහ උතුරුමැද පළාත්වලත් මුලතිව් සහ වව්නියාව දිස්ති‍්‍රක්කවලත් සවස 02 ක් පසුව ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි. ඇතැම් ස්ථානවලට මිලි මීටර් 50 ඉක්මවූ තරමක තද වැසි ද ඇති විය හැකි වනවා. 

අකුණු මගින් සහ තාවකාලික තද සුළං මගින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දී සිටින්නේ.