Sunday, May 12, 2024

General line - 0115112241

මත්ද්‍රව්‍ය මඩින මෙහෙයුම අඛන්ඩව - වැලිකඩ කාන්තා බන්ධනාගාරයෙන් තවත් ජංගම දුරකථන සොයාගැනේ




මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සම්බන්ධ සැකකරුවන් සිව්දෙනෙකු පානදුර ප‍්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, හෙරොයින් ග‍්‍රෑම් 422 ක් සමගයි.  

බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ගේ උපදෙස් මත සිදු කෙරුණු වැටලීමකදී එම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිසිය සඳහන් කළේ.
 
මේ අතෑ වැලිකඩ කාන්තා බන්ධනාගාරයේ ‘වයි‘ වාට්ටුවේ  සිදුකළ හදිසි වැටලීමකදී තහනම් භාණ්ඩ රැසක් සොයාගෙන තිබෙනවා. ජංගම දුරකතන 13 ක්, සිම් කාඞ් 7 ක් සහ බැටරි 150 ක් එහිදී සොයාගත් බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැවසුවේ. බන්ධනාගාර බුද්ධි අංශයේ නිලධාරීන් පිරිසක් විසින් එම වැටලීම සිදුකර තිබෙනවා.