Monday, May 13, 2024

General line - 0115112241

ඩයමන්ඞ් නෞකාවේ ගින්න සම්පූර්ණයෙන් නිවා දමයි




එම් ටී නිව් ඩයමන්ඞ් නෞකාවේ හටගත් ගින්න මේ වනවිට සම්පූර්ණයෙන්ම නිවා දමා ඇති බව නාවික හමුදාව පවසනවා. 

ඒ අනුව නෞකාවෙන් දුමාරය පිටවීම මේ වනවිට නතර වී ඇති බවයි නාවික හමුදාව පවසන්නේ. 

කෙසේ වෙතත්, අදාළ නෞකාව සම්බන්ධයෙන් තවදුරටත් අවධානයෙන් සිටින බව ද නාවික හමුදාව වැඩිදුරටත් සඳහන් කළා. ගිනි ගැනීමට ලක්වූ නෞකාව මේ වනවිට ර`දවා ඇත්තේ ගොඩබිම සිට නාවික සැතපුම් 40 ක් දුරින් වූ ගැඹුරු මුහුදේයි.