Monday, May 13, 2024

General line - 0115112241

නව්‍ය කොරෝනා ආසාදිතව සිටි තවත් 07 දෙනෙකු සුවය ලබයි




නව්‍ය කොරෝනා වෛරසය ආසාදිතව සිට මෙරට රෝහල්වලදී ප‍්‍රතිකාර ලැබූ තවත් පුද්ගලයින් 07 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබෙනවා. 

ඒ අනුව, නව්‍ය කොරෝනා වෛරසය ආසාදිතව සිට මෙරටදී සුවය ලැබූ පුද්ගලයින් ගණන 2,925 ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ. 

තවදුරටත් මෙරට රෝහල්වල ප‍්‍රතිකාර ලබන කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 184 ක්. මේ දක්වා කාලය තුළ මෙරටින් වාර්තා වී ඇති නව්‍ය කොරෝනා ආසාදිතයින් ගණන 3,121 ක් වනවා.