Monday, May 13, 2024

General line - 0115112241

වැසි සහ සුළං වැඩිවෙයි - ඇතැම් ප‍්‍රදේශවලට මිලිමීටර් 150 ඉක්මවූ තද වැසි ඇති විය හැකි බවට අනාවැකි




දිවයිනේ දැනට පවතින වැසි තත්ත්වය තවදුරටත් පවතීයැයි බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඇතැම් ස්ථානවලට මිලිමීටර් 150 ට වැඩි තද වැසි ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව ඉදිරි පැය 36 සඳහා අද පස්වරු 04 ට නිකුත් කළ කාලගුණ නිවේදනයේ දැක්වෙන්නේ. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අතුළ කරුණානායක ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු පැහැදිලි කළේ මෙලෙසයි.

දිවයින වටා වන මුහුදු ප‍්‍රදේශවලට ද තද වැසි සහ සුළං ඇති විය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කළේ.

මේ අතර, හෙට මධ්‍යහ්න 12 වනතෙක් ධීවර කටයුතු සඳහා මුහුදු යාමෙන් වළකින ලෙස සියළුම එක්දින සහ කුඩා යාත‍්‍රා හිමියන්ට ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව දැනුම් දී සිටිනවා.

ඒ, හෙට මධ්‍යහ්නය දක්වා දිවයින වටා මුහුදු ප‍්‍රදේශවල සුළගේ වේගය පැයට කිලෝ මීටර් 70 දක්වා ඉහළ යා හැකි බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් අනතුරු අඟවා තිබීම හේතුවෙන්.

මේ අතර, කිතුල් ගසක් කඩා වැටීමෙන්  ගාල්ල රූමස්සල ප‍්‍රදේශයේ දෙදරු මවක් මියගොස් තිබෙනවා. එම ප‍්‍රදේශයට හමාගිය තද සුළං සමග ගස කඩා වැටී ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු ස`දහන් කළේ.