Tuesday, May 14, 2024

General line - 0115112241

දිවයිනට පැමිණි විශේෂඥ කණ්ඩායම ගිිනිගත් නෞකාවට රැගෙන යාමටත් කාලගුණයෙන් බාධා




නැගෙනහිර මුහුදේදී එම් ටී නිව් ඩයමන්ඞ් නෞකාවේ හටගත් ගින්න මේ වනවිට සම්පූර්ණයෙන්ම පාලනය කර ඇති බව නාවික හමුදාපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න පවසනවා. අද දහවල් වන විට නෞකාවෙන් දුමාරය පිටවීම අඩු වී ඇති බවයි නාවික හමුදාපතිවරයා කියා සිටියේ.

ගින්න පාලනය කෙරුණ ද නෞකාව සිසිලනය කිරීමේ මෙහෙයුම් අඛණ්ඩව කි‍්‍රයාත්මක වනවා. 

දිවයිනට පැමිණි විශේෂඥ කණ්ඩායම ගිනිගත් නෞකාව රඳවා ඇති ස්ථානයට රැගෙන යාමට ද අයහපත් කාලගුණය හේතුවෙන් බාධා මතුව ඇති බව ද නාවික හමුදාව පැවසුවා.

මේ අතර, මෙම සිද්ධිය සම්බන්ධයෙන් ගත යුතු නීතිමය කි‍්‍රයාමාර්ග පිළිබඳ නීතිපතිවරයාගේ ප‍්‍රධානත්වයෙන් අද සාකච්ඡාක් පැවැත්වුණා. ඒ, සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය, වරාය අධිකාරිය, නාවික හමුදාව, ගුවන් හමුදාව ඇතුළු මෙම මෙහෙයුමට එක්ව සිටින ආයතනවල නියෝජිතයින්ගේ සහභාගීත්වයෙන්.