Monday, May 13, 2024

General line - 0115112241

රිලවුන් සහ වඳුරන් ගහණ පාලනයට වනජීවී ය සැරසේ




රිලවුන්ගෙන් සිදුවන වගා හානි අවම කරගැනීම සඳහා, ගහණ පාලන වැඩපිළිවෙලක් ඉදිරියේදී ආරම්භ කරන බව වනජීවී සංරක්ෂණ අධ්‍යක්ෂ ජනරාල් එම්. ජී. සී. සූරියබණ්ඩාර පවසනවා.

කෑගල්ල සහ මහනුවර දිස්ති‍්‍රක්කවල එම වැඩසටහනේ පළමු අදියර කි‍්‍රයාත්මක කරන බවයි වනජීවී සංරක්ෂණ අධ්‍යක්ෂ ජනරාල්වරයා නෙත් නිවුස් කළ කරුණු විමසීමකදී කියා සිටියේ.

රිලවුන්ගෙන් සිදුවන වගා හානි හේතුවෙන් දිවයිනේ බොහෝ ප‍්‍රදේශවල ජනතාව පීඩාවට පත්ව සිටිනවා. ඊයේ (06) ප‍්‍රචාරය කෙරුණු නෙත්සැරය විශේෂාංගයෙන් ද කරුණු අනාවරණ කෙරුණේ ඒ පිළිබඳවයි.

නෙත් නිවුස් කළ කරුණු විමසීමේදී වනජීවී සංරක්ෂණ අධ්‍යක්ෂ ජනරාල් එම්. ජී. සී. සූරියබණ්ඩාර මෙලෙස අදහස් පළ කළා.

එහිදී "රිලවුන් සහ වඳුරන්ගෙන් ඇති වන ගැටලු පිළිබඳව දිවයින පුරාම වාර්තා වෙනවා. 1992 කියන දුරකතන අංකයට ඇමතුවොත් ඒ සම්බන්ධයෙන් තියෙන මැදිහත්වීම් අපිට කරන්න පුළුවන්. ගහණ පාලනය සඳහා වඳ සැත්කම් දීර්ඝ කාලීන වැඩපිළිවෙලක් ලෙස අත්හදා බැලීමට සූදානම් වෙනවා. ඒ වගේම මේ සතුන්ගේ වාස භූමිවන ප්‍රදේශ පිළිබඳව හඳුනාගෙන ඒ ඔස්සේ විසඳුම් දෙන්නත් උත්සහ කරමින් ඉන්නවා." යනුවෙන් සඳහන් කළා.