Monday, May 13, 2024

General line - 0115112241

අදත් තැනින් තැන වැසි හෝ ගිගිරුම් සහිත වැසි




දිවයිනේ පවතින වැසි සහ සුළං තත්ත්වයේ තාවකාලික අඩුවීමක් අද (07) දිනයේදී අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

ඊයේ (06) පස්වරුවේ සිට අද (07) අලූයම දක්වා වැසි ඇදහැලූනු බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ. 

කෙසේවෙතත්, බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වල තැනින් තැන වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇතිවිය හැකි බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවා.

දිවයින හරහා විශේෂයෙන්ම උතුරු, උතුරු මැද, සහ වයඹ පළාත්වලත්, ති‍්‍රකුණාමලය, හම්බන්තොට, මහනුවර, නුවරඑළිය සහ රත්නපුර දිස්ත‍්‍රික්කවලත් විටින් විට හමන පැයට කිලෝමීටර් 50 පමණ සුළං ඇතිවිය හැකි බව ද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා. 

මේ අතර පවතින අධික වැසි හේතුවන් ප‍්‍රදේශ කිහිපයකින් ආපදා තත්ත්වයන් වාර්තා වී තිබෙනවා. කොළඹ, තුම්මුල්ල, ආමර් වීදිය ඇතුළු ප‍්‍රදේශ කිහිපයකින් ගස් කඩාවැටීම් ද වාර්තා වී ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරුවන් පැවසුවේ. 

මේ අතර අද මධ්‍යහන 12 තෙක් ධීවර කටයුතු සඳහා මුහුදු යාමෙන් වළකින ලෙස, එක්දින සහ කුඩා ධීවර යාත‍්‍රාවලට ධීවර සහ ජලජ සම්පත් දෙපාර්තමේන්තුව දැනුම්දීමක් ද සිදුකළා. 

මේ අතර දිස්ති‍්‍රක්ක 05 කට නිකුත් කළ නායායාම් අනතුරු ඇගවීමේ නිවේදනය තවදුරටත් වංලගු බවයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පැවසුවේ. කොළඹ, ගාල්ල, කළුතර, කෑගල්ල සහ රත්නපුර යන දිස්ත‍්‍රික්ක සඳහා මෙලෙස නායයාමේ අනතුරු ඇගවීමේ නිවේදන නිකුත් කර තිබෙනවා.