Wednesday, May 22, 2024

General line - 0115112241

කොරෝනා වලින් ඉන්දියාව බ්‍රසීලය පසුකරයි : දෙවැනි දිනටත් රෝගීන් අනුදහසක්




ලොව දෙවැනියට වැඩිම කොරෝනා රෝගීන් ආසාදිත රට බවට පත්වීමට ඉන්දියාව අද සමත්වු බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටිනවා. ඒ බ්‍රසීලය අභිබවා යමින්ය.

පිට පිට දෙවන දිනටත් ඉන්දියාවෙන් කොරෝනා වෛරසය ආසාදනය වූ රෝගීන් 90,000 ඉක්මවා වාර්තා වී ඇත. ඊයේ දිනය තුලදී ද වාර්තා වී ඇති රෝගීන් සංඛ්‍යාව 90,802ක් බව එරට සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කර සිටිනවා.

ඉන්දියාවෙන් මේ වන විට වාර්තා වන සමස්ත කොරෝනා රෝගීන් සංඛ්‍යාව 4,202,562ක් වන අතර බ්‍රසීලයේ මුළු ආසාදිතයින් සංඛ්‍යාව 4,137,606 ක් වේ.

ගතවු පැය 24 තුලදී බ්‍රසීලයෙන් වාර්තා වී ඇත්තේ ආසාදිතයින් 14,606ක් පමණයි.

ලොව වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවක් වාර්තා වන අමෙරිකාවේ ඊයේ දිනයේදී රෝගීන් 31,110ක් වාර්තා වීමත් සමග එරටින් වාර්තා වන සමස්ත කොරෝනා රෝගීන් ගණන 6,460,250ක්.

මේ වන විට ලොවපුරා නව කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 27 කෝටි 289,725ක් වන අතර වාර්තා වන මරණ සංඛ්‍යාව 887,550ක් වනවා.