Friday, May 17, 2024

General line - 0115112241

අයිස්, කේරල ගංජා සහ මත් පෙති සමග 05 දෙනෙකු වස්කඩුවේදී අත්අඩංගුවට




අයිස් මත්ද්‍රව්‍ය, කේරල ගංජා සහ මත්පෙති තොගයක් ළග තබාගෙන සිටි පුද්ගලයින්  05 දෙනෙකු වස්කඩුව ප‍්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. 

ඒ, කලූ‍තර - දකුණ පොලිස් ස්ථානයේ නිලධාරීන්ට ලද තොරතුරක් අනුව සිදු කළ වැටලීමකදියි. එහිදී අයිස් මත්ද්‍රව්‍ය ග‍්‍රෑම් 14කට අධික ප‍්‍රමාණයක්, කේරල ගංජා ග‍්‍රෑම් 22ක් සහ මත්ද්‍රව්‍ය පානය කිරීමට යොදා ගන්නා උපකරණ 02 ක්ද, පොලිස් භාරයට ගෙන තිබෙනවා. 

සැකකරුවන් සතුව තිබූ ත‍්‍රිරෝද රථයක් සහ රුපියල් 64,000 මුදලක් ද සිය භාරයට ගත් බවයි පොලීසිය පැවසුවේ. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අවුරුදු 20, 27, 30, සහ 37 යන වයස් සීමාවල පසුවන්නන් 05 දෙනෙක්. සැකකරුවන් කලූ‍තර මහේස්ත‍්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.