Friday, May 17, 2024

General line - 0115112241

පාතාලය මඩින මෙහෙයුම - මෙරට නිෂ්පාදිත ගිනි අවියක් සමග සැකකරුවන් තුනක් කොටු




බෝර 12 වර්ගයේ පතරොම් යෙදිය හැකි මෙරට නිෂ්පාදිත ගිනිඅවියක් සමග සැකකරුවන් තිදෙනෙකු මිනුවන්ගොඩ, නිල්පානාගොඩ, වෑගොව්ව ප‍්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. 

ඒ, මිනුවන්ගොඩ පොලිස් ස්ථානයේ නිලධාරීන් පිරිසක් විසින් සිදුකළ වැටලීමකදීයි. සැකකරුවන් සන්තකයේ තිබී බෝර 12 වර්ගයේ පතරොම් 07ක් සහ ටී 56 වර්ගයේ ගිනිඅවි සඳහා භාවිත කෙරෙන පතරොම් 03 ක් ද පොලීසිය විසින් සොයාගෙන තිබෙනවා. 

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 36, 38 සහ 49 හැවිරිදි නිල්පානාගොඩ ප‍්‍රදේශයේ පදිංචිකරුවන් තිදෙනෙක්. සැකකරුවන් මිනුවන්ගොඩ මහේස්ත‍්‍රාත් අධිකරණය හමුවට අද ඉදිරිපත් කිරීමට නියමිතයි.