Friday, May 17, 2024

General line - 0115112241

මත් පෙති ලොරියක් සමග ජාවාරම්කරුවන් දෙදෙනෙකු කොටු




මත්පෙති 18,900 ක් ලොරි රථයකින් ප‍්‍රවාහනය කරමින් සිටි සැකකරුවන් දෙදෙනෙකු මෝදරදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, මෝදර පොලීසිය විසින් සිදුකළ වැටලීමකදීයි. සැකකරුවන් සන්තකයේ තිබූ මත්පෙති තොගයේ වටිනාකම රුපියල් 3,780,000 ක් බවයි බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය පැවසුවේ. 

මේ අතර ඊයේ පස්වරු 06 සිට රාතී‍්‍ර 08 දක්වා වූ පැය 02 ක කාලය තුලදී සිදුකළ පොලිස් මෙහෙයුම්වලින් පුද්ගලයින් 547 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය පැවසුවේ බස් නැවතුම්පළ, දුම්රිය ස්ථාන, පොදු වැසිකිළි, සුසාන භූමි හා පාළු ස්ථානවල මත්ද්‍රව්‍ය භාවිත කරමින් සිටි පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම සඳහා මෙම මෙහෙයුම් සිදුකළ බවයි. 

හෙරොයින් භාවිත කරමින් සිටි සැකකරුවන් 265 දෙනෙකු, අයිස් මත්ද්‍රව්‍ය භාවිත කරමින් සිටි සැකකරුවන් 27 දෙනෙකු හා ගංජා භාවිත කරමින් සිටි සැකකරුවන් 136 දෙනෙකු අත්අඩංගුවට ගැනුණූ සැකකරුවන් පිරිස අතර වනවා. 

මේ අතර ඊයේ පෙරවරු 06 සිට අද අලූයම 05 දක්වා ගතවූ පැය 24 ක කාලය තුල සිදුකරන ලද විශේෂ වැටලීම්වලදී සැකකරුවන් 789 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අතර හෙරොයින් සන්තකව සිටි සැකකරුවන් 320 දෙනෙකු ද වන බවයි බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය පැවසුවේ.