Friday, May 17, 2024

General line - 0115112241

කලගෙඩිහේන ප්‍රදේශයේදී කන්ටේනර් රථයක් මාර්ගය හරහා පෙරලේ : කොළඹ එන වාහන විකල්ප මාර්ග භාවිත කරන්න 




කොළඹ-නුවර මාර්ගයේ දැඩි රථ වාහන තදබදයක් පවතිනවා. ඒ කලගෙඩිහේන ප්‍රදේශයේදී මාර්ගය හරහා කන්ටේනර් රථයක් පෙරලි යාම හේතුවෙන් බවයි පොලිසිය සඳහන් කළේ.

පෙරලි ඇති කන්ටේනර් රථය මාර්ගයෙන් ඉවත් කර ගැනීමට අවශ්‍ය කටයුතු ආරම්භ කර ඇති බැවින් විකල්ප මාර්ග ලෙස තිහාරිය හංදියෙන් වමට හැරී වාරණ මාර්ගය ඔස්සේ වීරගුලින් යක්කල දෙසට පැමිණ කොළඹ දෙසට ධාවනය කළ හැකි බවයි පොලීසිය පැවසුවේ. නුවර දෙසට ධාවනය කෙරෙන රථවාහන සඳහා ද එම මාර්ගය භාවිත කළ හැකියි.