Friday, September 20, 2024

General line - 0115112241

ඕස්ට්‍රේලියාවට එරෙහි ‘කඩුලු ත්‍රිත්වයේ සතුටින් ‘ ආපහු ඉස්කෝලෙට ගිය රංගන



රංගන හේරත් ඊයේ(5) ඕස්ට්‍රේලියාවට එරෙහිව ලබා ගත් කඩුලු ත්‍රිත්වය පිළිබඳව මේ වන විටත් ශ්‍රී ලාංකික ප්‍රේක්ෂකයන් අතර කතාබහට ලක්ව තිබෙනවා.

මෙම දස්කම පිළිබඳව රංගනත් විශාල සතුටකින් පසුවන බව ගාල්ලෙන් වාර්තා වනවා.

ඊට හේතුව වී ඇත්තේ පාසැල් කාලයට පසුව එවැනි දස්කමක් දක්වන්න ඔහුට නොහැකිවීම බවයි පැවසෙන්නේ.

මේ පිළිබඳව රංගන හේරත් කියන්නේ මෙවැනි කතාවක්.

”මම හිතන්නෙ කඩුලු ත්‍රිත්වයක්‌ ලබා ගැනීම ලොකු සතුටක්‌. මම ඉස්‌කෝලෙ යන කාලෙ ලබා ගත්තට පස්‌සෙ ලබා ගත්ත පළමු කඩුලු ත්‍රිත්වය මෙයයි. කඩුලු ත්‍රිත්වයක්‌ කියන්නෙ විශේෂ දක්‍ෂතාවක්‌. අංක එකේ ටෙස්‌ට්‌ පිලට එරෙහිව එය ලැබීම ලොකු භාග්‍යයක්‌.”

මේ අතර පිත්තෙන්ද දස්‌කම් දක්‌වන්න ලැබීම පිළිබඳ ඔහු දරන්නේ මෙවැනි අදහසක්.

”පහසු දේ කරනවාට වඩා අපහසුදේ කිරීම තුළින් සාර්ථක ප්‍රතිඵල ලබා ගැනීමට හැකි වූවා. මම දකින්නෙ පුහුණු දැල තුළදී හෝ කොහේ හරි පුහුණුවීම් කරනකොට ලේසි දේට වඩා අමාරුදේ කළොත් අපිට අමාරුදේට මුහුණ දෙන්න පහසුයි.”