Friday, September 20, 2024

General line - 0115112241

ඔලිම්පික් ගිය ක්‍රීඩක ක්‍රීඩිකාවන් 11,239ටම ලැබුණු ‘රුපියල් ලක්ෂයක් වටිනා’ එකම තෑග්ග මෙන්න



බ්‍රසීලයේ රියෝද ජැනෙයිරෝ නුවර මරකානා ක්‍රීඩාංගණයේ පැවති 31 වැනි ඔලිම්පික්‌ සමාරම්භය ඊයේ (05 දා) සනිටුහන් වුණා.

මෙවර ඔලිම්පික්‌ ක්‍රීඩා උළෙල සඳහා රටවල් 206 ක ක්‍රීඩක ක්‍රීඩිකාවන් 11,239 ක්‌ ක්‍රීඩා 28 ක්‌ නියෝජනය කිරීම සඳහා එක්ව සිටිනවා.

මේ අතර ශ්‍රී ලංකික ක්‍රීඩක ක්‍රීඩිකාවන් ද වනවා.

මෙවර ඔලිම්පික්‌ ක්‍රීඩා උළෙල සඳහා එක්ව සිටින ක්‍රීඩක ක්‍රීඩිකාවන් 11,239ට බලධාරීන් එකම වර්ගයේ ත්‍යාගයක් පිරිනමා ඇති බව රියෝද ජැනෙයිරෝ නුවරින් වාර්තා වනවා.

ඒ ශ්‍රී ලංකා මුදලින් රුපියල් ලක්ෂයක් පමණ වටිනා ත්‍යාගයක්.

එම ත්‍යාගය ලෙස පිරිනමා ඇත්තේ samsung Edge S7 ජංගම දුරකථනයක් බවයි පැවසෙන්නේ.

p1 p2 p3 p4