Saturday, September 21, 2024

General line - 0115112241

ලබන 11 වනදා දිවයින පුරා ‘කඩසාප්පු‘ වැසෙයි!




පොරොන්දු වූ වෙනස්කම් සිදුනොකර වැට් බදු සංශෝධන කෙටුම්පත ලබන 11 වෙනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට විරෝධය පළ කරමින් එදින රට පුරාම වෙළෙඳසැල් වසා දැමීමට සමස්ත ලංකා වෙළෙඳ සංගම් එකමුතුව තීරණය කර තිබෙනවා.

මෙම කෙටුම්පතට පක්ෂව ඡන්දය ලබාදෙන මහජන නියෝජිතයින්ට මින් ඉදිරියට කිසිදු සහයක් ලබා නොදීමට ද තමන් තීරණය කළ බවයි එහි ලේකම් ඉන්දික ලියනගේ කියා සිටියේ.

වැට් බද්ද සියයට 15 දක්වා වැඩි කිරීම ද දැනට වැට් බද්ද අය නොකෙරෙන ක්ෂේත‍්‍ර කිහිපයක් සඳහා එම බද්ද පුළුල් කිරීම ද අදාළ කෙටුම්පතින් සිදුකිරීමට නියමිත තිබෙනවා. එමෙන්ම වැට් බද්දට යටත් වන ආදායම් සීමාව ද එමගින් වෙනස් කිරීමට නියමිතයි.