Tuesday, April 16, 2024

General line - 0115112241

මහින්දට කොරියාවේදී ඉහළ පිළිගැනීමක් (VIDEO)




හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා මේ දිනවල දකුණු කොරියාවේ සංචාරයක නිරත වනවා.

දකුණු කොරියාවේ සෝල් ග්‍රෑන්ඩ් පාර්ක් සත්ව උද්‍යානයට මහින්ද රාජපක්ෂ රජයෙන් පරිත්‍යාග කළ සුගලා හා ගජබා අලි දෙපල බිහි කළ අලි පැටවාට නමක් තැබීමේ උත්සවය මහින්ද රාජපක්ෂ මැතිතුමන්ගේ හා කොරියානු පාර්ලිමේන්තු මන්ත්‍රී පාර්ක් යුන්ග් සන් මැතිනියගේ ප්‍රධානත්වයෙන් පැවැත් වුණා.

මෙම අවස්ථාවට මහින්ද රාජපක්ෂ මහතා සමග කොරියානු සංචාරයට එක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී වරුන් කිහිප දෙනෙකුද සහභාගී වී සිටියා.

විශාල කොරියන් ජාතිකයන් පිරිසක් ද මේ සඳහා සහභාගී වූ අතර එහිදී මහින්ද රාජපක්ෂ මැතිතුමන්ට ලැබුණේ ඉහළ පිළිගැනීමක්.

එම වීඩියෝව පහතින් නරඹන්න

3453566 45645646 - Copy 777343434 - Copy 890809809 - Copy 6666666666 - Copy 54646456456 - Copy 777777777777 - Copy