Sunday, May 12, 2024

General line - 0115112241

කොරෝනා ආසාදනය වූ අමෙරිකානු ජනපති හා ආර්යාවට, ජනපති ගෝඨාභය ඉක්මන් සුවය පතයි 




නව කොරෝනා වෛරසය ආසාදනය වී සිටින අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ එම ආර්යාව වන මෙලනියා ට්‍රම්ප් හට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සඳහන් කර සිටිනවා.

මෙම අසීරු අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ ජනතාවගේ ආශිර්වාදය ඔබ සමග නිරන්තරයෙන්ම තිබෙන බවටද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වැඩිදුරටත් සටහන් කර තිබෙනවා.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මේ බව සඳහන් කරමින් මිට සුළු මොහොතකට පෙර සිය නිල ට්විටර් ගිණුම ඔස්සේ තැබූ සටහනයි මේ.