Saturday, May 11, 2024

General line - 0115112241

කොටගල ප‍්‍රදේශයේ සැරිසරන කඳුකර කොටියන් රක්ෂිතයකට පලවා හැරීමට පියවර

රංජිත් රාජපක්‍ෂ




හැටන් - කොටගල ප‍්‍රදේශයේ නිවාසවල ඇති කරන සුනඛයින් ගොදුරු කරගැනීම සඳහා පැමිණෙන කඳුකර කොටියන් රක්ෂිතයකට පලවා හැරීමට කඩිනමින් කටයුතු කරන බව නල්ලතන්නිය වනජීවී කාර්යයාලය පවසනවා. 

එහි වන සත්ත්ව අඩවි ආරක්ෂක ප‍්‍රභාෂ් කරුණාතිලක මේ බව කියා සිටියේ කඳුකර කොටියන්ගේ තර්ජනයට ලක්ව සිටින කොටගල කි‍්‍රස්වස් ෆාම් වතුයායේ ජනතාව සිය ගැටළුව සම්බන්ධයෙන් ඔහු දැනුවත් කළ අවස්ථාවේදීයි. 

කි‍්‍රස්වස් ෆාම් ප‍්‍රදේශයේ නිවාසවල ඇති කරන සුනඛයින් සහ කුකුළන් වැනි සතුන් රාත‍්‍රී කාලයේ අතුරුදන් වීමේ සිද්ධීන් දිගින් - දිගටම වාර්තා වුණා. ඊට හේතු සෙවීම සඳහා ප‍්‍රදේශවාසීන් විසින් සවිකර තිබූ සී සී ටී වී කැමරාවක ක`දුකර කොටියෙකු විසින් සුනඛයෙකු ඩැහැගෙන යන අයුරු සටහන් වී තිබෙනවා.