Sunday, May 12, 2024

General line - 0115112241

රිෂාඞ්ගේ සොහොයුරා මුදා හැරීම ගැන කාදිනල් හිමියන්ගේ විරෝධය




පාස්කු ඉරිදා ප‍්‍රහාරය සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනවලට අදාළව අත්අඩංගුවට ගැනුණු ඇතැම් සැකකරුවන් හිටිහැටියේ නිදහස් කිරීම පිළිබද සිය විරෝධය පළ කරන බව අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසනවා. අද විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් අගරදගුරු හිමියන් කියා සිටියේ අදාළ සිදුවීම් පිටුපස දේශපාලනික වුවමනාවක් ඇත්දැයි තමන්ට සැක මතුවන බවයි. 

එම මාධ්‍ය හමුවේදී අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමියන් වැඩිදුරටත් අදහස් පළ කළේ මෙලෙසයි.

මේ අතර, පාර්ලිමේන්තු මන්ත‍්‍රී රිෂාඞ් බදියුර්දීන්ගේ සොහොයුරු රියාජ් බදියුර්දීන් පොලිසිය මගින් මුදා හැරීම විමතියට කරුණක් බව සිංහලේ ජාතික සංවිධානය ද පවසනවා. එහි මහ ලේකම් පූජ්‍ය මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමියන් කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදී ඒ පිළිබද මෙලෙස අදහස් පළ කළා.