Sunday, May 12, 2024

General line - 0115112241

විපක්ෂයේ පිරිසක් ආණ්ඩුවට යන පුවත ගැන සජිත් කතා කරයි

කමල් සුරවීර / හේරත් ඒකනායක / ජූඞ් සමන්ත 




20 වන ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පතට සහය දීම සඳහා විපක්ෂයේ මන්ත‍්‍රීවරුන් ආණ්ඩුවට එක්වනු ඇතැයි තමන් විශ්වාස නොකරන බව විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා පවසනවා. හලාවත විජයාරාම විහාරස්ථානයේ පැවති ආගමික වැඩසටහනකට සහභාගී වීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප‍්‍රශ්න කිහිපයකට පිළිතුරු දෙමින් විපක්ෂ නායකවරයා මේ බව කියා සිටියා.

සමගි ජනබලවේගයේ පාර්ශවකරුවෙකු වන පාර්ලිමේන්තු මන්ත‍්‍රී රිෂාඞ් බද්යුදීන් ආණ්ඩුවට එක්වීමේ සූදානමක් ඇත්දැයි මාධ්‍යවේදීන් මෙහිදී විපක්ෂ නායකවරයාගෙන් විමසා සිටියා. ඊට විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා ප‍්‍රතිචාර දැක්වූයේ මෙලෙසයි.

මේ අතර, මහනුවර ශී‍්‍ර දළදා මාළිගාවේ පැවති ආගමික වැඩසටහනකට සහභාගී වීමට පැමිණ එම ස්ථානයෙන් පිටව යන අවස්ථාවේදී අමාත්‍ය චමල් රාජපක්ෂගෙන් ද මාධ්‍යවේදීන්  20 වන ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් කරුණු විමසුවා.