Sunday, May 12, 2024

General line - 0115112241

කොච්චිකඬේ කම්මල්තොට වෙරළේ දියනාමින් සිටි තරුණයින් තිදෙනෙකු අතුරුදන්




කොච්චිකඬේ කම්මල්තොට මෝයකට ආසන්නයේ මුහුදේ දිය නෑමට ගිය තරුණයින් තුන්දෙනෙකු අතුරුදන්ව තිබෙනවා. එම තරුණයින් තිදෙනා සොයා පොලිසිය සහ නාවික හමුදාව මෙහෙයුමක් ආරම්භ කර ඇති බවයි කොච්චිකඬේ පොලිසිය පැවසුවේ.

 අතුරුදන්ව සිටින තරුණයින් තිදෙනා  සමග දිය නෑමට ගොස් දියේ ගිලෙමින් සිටි එක් තරුණයෙකු මුදාගෙන ඇති බව ද පොලිසිය පැවසුවා. අතුරුදන්ව ඇත්තේ මස්කෙළිය ප‍්‍රදේශයේ පදිංචි තරුණයින් තුන්දෙනෙක්. ඔවුන් උපන්දින සාදයකට සහභාගී වූ පිරිසක් බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ.