Sunday, May 12, 2024

General line - 0115112241

නාවික ප්‍රජාවට කාලගුණයෙන් දැනුම් දීමක් 




සබරගමුව, බස්නාහිර, මධ්‍යම පළාත් ඇතුළු දිවයිනේ තවත් ප‍්‍රදේශ කිහිපයකට ඉදිරි පැය 36 තුළ වැසිවාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. අපේක්ෂිත කාලගුණ අනාවැකිය කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ ශානිකා දිසානායකගෙන්. 

දිවයින වටා වන මුහුදු ප‍්‍රදේශවල සුළඟේ වේගය විටින් - විට ඉහළ යා හැකි බැවින් ධීවර හා නාවුක ප‍්‍රජාව ඒ පිළිබඳ අවධානයෙන් කටයුතු කළ යුතු බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ. දිවයින වටා වන මුහුදේ කාලගුණ තත්ත්වය සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු දැක්වූ කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ ශානිකා දිසානායක.