Saturday, May 11, 2024

General line - 0115112241

රිෂාඞ් ආණ්ඩුවට එක්කර ගැනීමට විදුරගේත් විරෝධය




හිටපු අමාත්‍ය රිෂාඞ් බදියුදීන් ආණ්ඩුවට එක්කර ගත හොත් තමන් ද ඊට විරුද්ධ වන බව රාජ්‍ය අමාත්‍ය විදුර වික‍්‍රමනායක පවසනවා. නෙත් නිවුස් කළ විමසීමකදී රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ වත්මන් රජය අන්තවාදී කි‍්‍රයාවලට අනුබල දුන් පාර්ශව සමග කිසිවිටෙකත් ගනුදෙනු නොකළ යුතු බවයි. 

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණට ඡන්දය ලබාදුන් කිසිවෙකු, හිටපු අමාත්‍ය රිෂාඞ් බදියුදීන් ආණ්ඩුවට එක්කර ගැනීම සම්බන්ධයෙන් කැමැත්තක් නොදක්වනු ඇති බවයි රාජ්‍ය අමාත්‍ය විදුර වික‍්‍රමනායක නෙත් නිවුස් වෙත වැඩිදුරටත් පැවසුවේ.  

මේ අතර හිටපු අමාත්‍ය රිෂාඞ් බදියුදීන් ආණ්ඩුව සමග එක්වුවහොත්, ඊට විරුද්ධවන බව කෙහෙළිය රඹුක්වැල්ල සහ විමල් වීරවංශ යන අමාත්‍යවරුන් ද ප‍්‍රකාශ කළා.