Saturday, May 11, 2024

General line - 0115112241

කාදිනල් හිමිගේ කතාවට අරුන්දිකගෙන් පිළිතුරු




පාස්කු ප‍්‍රහාරය සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශන නිසි පරිදි කි‍්‍රයාත්මක කර වරදකරුවන්ට දඬුවම් ලබා දීමට ජනාධිපතිවරයා කි‍්‍රයා කරනු ඇතැයි තමන් විශ්වාස කරන බව, රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප‍්‍රනාන්දු පවසනවා. අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ඊයේ සිදු කළ ප‍්‍රකාශයකට ප‍්‍රතිචාර දක්වමින් රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප‍්‍රනාන්දු මේ බව කියා සිටියා.

පාස්කු ප‍්‍රහාරය සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනවලට අදාළව අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය රිෂාඞ් බදුර්දීන්ගේ සොහොයුරා ඇප මත මුදා හැරීම සැකසහිත කරුණක් බවයි අගරදගුරු හිමියන් එහිදී කියා සිටියේ. මෙවැනි සිදුවීම්වලින් පාස්කු ප‍්‍රහාරය පිළිබඳ සිදු කෙරෙන විමර්ශන අඩපණ නොවී, විනිවිද භාවයෙන් සහ අපක්ෂපාතීව සිදු වීම වැදගත් බවයි අගරදගුරු හිමියන් පෙන්වා දුන්නේ. කතෝලික මැති - ඇමතිවරුන් මෙන්ම යුක්තිය වෙනුවෙන් පෙනී සිටින සියළුදෙනා ඒ වෙනුවෙන් පෙනී සිටිය යුතු බව ද එහිදී ප‍්‍රකාශ කෙරුණා. අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමියන්ගේ එම ප‍්‍රකාශය සම්බන්ධයෙන් රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප‍්‍රනාන්දු ප‍්‍රතිචාර දැක්වූයේ මෙලෙසයි.