Tuesday, May 14, 2024

General line - 0115112241

දිවුලපිටියේ කොරෝනා ආසාදිතයාගේ ආශ්‍රිතයක් මොණරාගලට පැමිණ ඇති බවට හඳුනා ගැනේ




දිවුලපිටියෙ කොරෝනා ආසාදිත වූ කාන්තාවගේ ආශ්‍රිතයෙකු මොණරාගල ප්‍රදේශයට පැමිණ ඇති බවට ප්‍රදේශයේ සෞඛ්‍ය බලධාරීන් සඳහන් කර සිටිනවා.

මෑත දිනෙක නිවාඩු ලබා පැමිණි එම සේවිකාව මොණරාගල ප්‍රදේශයට පැමිණ ඇති අතර ඇය මොණරාගල බස්නැවතුම්පොළ, ඉරිදා පොළ, කච්චේරි හන්දිය සහ රජයේ බැංකුවකට ගොස් ඇති බවට හෙළිවී ඇති බවයි සෞඛ්‍ය බළධාරීන් සඳහන් කළේ.

මෙම සේවිකාවගේ PCR පරීක්ෂණ සඳහා වන ජෛව සාම්පල් පටල ලබා ගෙන තිබෙන බවත් එහි ප්‍රථිපල අද සවස වන විට ලැබීමට නියමිත බවයි ප්‍රදේශයේ සෞඛ්‍ය බලධාරීන් සඳහන් කළා.

මේ සම්බන්ධයෙන් ශබ්ද වාහිනී යන්ත්‍ර මගින් ප්‍රදේශයේ ජනතාවට දැනුවත් කිරීමට කටයුතු කළ බවයි සෞඛ්‍ය නිලධාරීන් සඳහන් කළේ.