Tuesday, May 14, 2024

General line - 0115112241

නිව් ඩයමන්ඞ් නෞකාවෙන් ශ්‍රී ලංකාවට මිලියන 442ක වන්දි




එම් ටී නිව් ඩයමන්ඞ් නෞකාවේ හටගත් ගින්න පාලනය කිරීමට මෙරට ආයතන දැරූ වියදම් වශයෙන් නෞකාවේ හිමිකාරීත්වය දරණ සමාගමෙන් ඉල්ලා සිටි රුපියල් මිලියන 442 ක මුදල එම සමාගම විසින් ගෙවා තිබෙනවා. 

එහෙත් එම මුදල නෞකාවේ හටගත් ගින්න පාලනය කිරීම සඳහා පමණක් ශ‍්‍රී ලංකාව දැරූ වියදම බවයි නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනී නීතීඥ නිශාරා ජයරත්න නෙත් නිවුස් වෙත පැවසුවේ. එහෙත් නෞකාවේ හටගත් ගින්න හේතුවෙන් සිදුවූ සමුද්‍රීය දූෂණයට අදාළ වන්දි වශයෙන් කළ යුතු ගෙවීම් ඵඔ නිව් ඩයමන්ඞ් නෞකාවේ හිමිකාරීත්වය දරණ සමාගම විසින් මෙතෙක් ගෙවා නොමැති බව ද ඇය සඳහන් කළා. 

එලෙස වියදම් ගෙවීමෙන් පසු නෞකාව පිටත් කර හැරීමට බලතල ඇත්තේ සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියට පමණක් වුවත්, කිසියම් පාර්ශවයක් විසින් අදාළ නෞකාව රැගෙන යාම සඳහා ඉකුත් දා අනුමැතිය ලබාදී තිබූ බවයි නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරී නිශාරා ජයරත්න වැඩිදුරටත් සඳහන් කළේ.