Tuesday, May 14, 2024

General line - 0115112241

පාස්පෝට්, රියදුරු බලපත‍්‍ර සහ හැඳුනුම්පත් නිකුත් කිරීමේ සේවාවන් තාවකාලිකව අත්හිටුවයි




එක්දින සේවාව ඇතුලූ මහජන සේවාවන් තාවකාලිකව අත්හිටුවීමට පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා. ඒ රටතුළ පවතින තත්වය හමුවේ මහජන ඒකරාශීවීම් වැළැක්වීමේ අරමුණීන්. ඒ අනුව පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ ප‍්‍රධාන කාර්යාලය හා සියලූ පළාත් කාර්යාලය මෙම සතියේදී විවෘත නොකිරීමට තීරණය කළ බවයි එම දෙපාර්තමේන්තුව සදහන් කළේ.

කෙසේ වෙතත් උසස් පෙළ විභාගය ඇතුලූ හදිසි ජාතික හැදුනුම්පත් අවශ්‍යතා සදහා අදාළ ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තු ඒකකයෙන් හෝ ප‍්‍රධාන කාර්යාලයේ 0115 226 150 හෝ 0115 226 115 දුරකතන අංකා තොරතුරු විමසිය හැකියි.

මේ අතර ආගමන විගමන දෙපාර්තමේන්තුවද මෙම සතියේ සිය සේවාවන් තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව සිය දෙපාර්තමේන්තුවේ ප‍්‍රධාන කාර්යාලය හා ප‍්‍රාදේශීය කාර්යාලවල සේවා කටයුතු තාවකාලිකව අත්හිටුවූ බවයි එම දෙපාර්තමේන්තුව සදහන් කළා. සේවාවන් සදහා රාජාකාරී වේලාවන්වල විද්‍යුත් තෑපෑල හරහා හෝ  අදාළ අංශ දුරකතනය ඔස්සේ සම්බන්ධ කර ගනිමින් සිය සේවා කටයුතු සපුරා ගන්නා ලෙසයි එම දෙපාර්තමේන්තුව මෙහිදී ඉල්ලීමක් කළේ.

මේ අතර මෝටර් රථ ප‍්‍රවාහන දෙපාර්තමේන්තුව ද මහජන සේවාවන් තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර තිබෙනවා. 
ඒ අනුව මෙම සතිය තුළ මෝටර් රථ ප‍්‍රවාහන දෙපාර්තමේන්තුවේ නාරාහේන්පිට කාර්යාලය හා වේරහැර කාර්යාලය මහජනතාව සඳහා විවෘත නොකරන බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.