Monday, May 20, 2024

General line - 0115112241

ශී‍්‍ර ලංකාව චීනයේ ණය උගුලකට හසුවී නැතැයි ජනපති අමෙරිකානු රාජ්‍ය ලේකම්ට කියයි




අන්තර්ජාතික සබදතාවලදී රටේ ස්වාධීනත්වය, ස්වෛරීභාවය හා භෞමික අඛණ්ඩතාව කැප කිරීමට තමන් කිසිවිටෙකත් සූදානම් නැතැයි ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා අමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා හමුවේ අද ප‍්‍රකාශ කළා.

ඒ, අමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පෙයෝ ඇතුළු දූත පිරිස අද පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපතිවරයා හමුවූ අවස්ථාවේදීයි.

මෙරට විදේශ ප‍්‍රතිපත්තිය මධ්‍යස්ථභාවය මත පදනම්ව ඇතැයි එහිදී ජනාධිපතිවරයා ඔවුන්ට පෙන්වා දුන් බවයි ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ. ශී‍්‍ර ලංකාව සෙසු රාජ්‍යයන් සමග පවත්වා ගන්නා සබදතා සාධක කිහිපයක් අනුව තීරණය වන බවයි ජනාධිපතිවරයා පවසා ඇත්තේ.

ඓතිහාසික හා සංස්කෘතික සබදතා සහ සංවර්ධන සහයෝගිතාව ඒ අතර ප‍්‍රමුඛස්ථානයක් ගනු ලබනවා. යුද්ධයෙන් පසු මෙරට යටිතල පහසුකම් සංවර්ධනයට චීනය දැක්වූ සහාය පිළිබදවද ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා මෙහිදී අමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා වෙත පැහැදිලි කර තිබෙනවා. එහි ප‍්‍රතිඵලයක් ලෙස ශී‍්‍ර ලංකාව ණය උගුලක සිරවූයේ නැතැයි ජනාධිපතිවරයා සදහන් කළා.

ආර්ථික සංවර්ධන ඉලක්ක සපුරා ගැනීම සදහා ශී‍්‍ර ලංකාව සමග අඛණ්ඩව සහයෝගයෙන් කි‍්‍රයාකිරීමට සූදානම් බවයි එහිදී අදහස් දැක්වූ අමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පෙයෝ, ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා වෙත ප‍්‍රකාශ කළ බවද ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කළා.

ඉහළ සංවර්ධන මට්ටමක් අත්කර ගැනීම සදහා ශී‍්‍ර ලංකාව සමග අඛණ්ඩව එකට සිටීම අමෙරිකාවේ අභිලාෂය බව සදහන් කළ එරට රාජ්‍ය ලේකම්වරයා පවසා ඇත්තේ ශී‍්‍ර ලංකාව තුළ අමෙරිකානු ආයෝජන ප‍්‍රවර්ධනයට ඉහළ ප‍්‍රමුඛත්වයක් ලබාදෙන බවයි. සංචාරක ව්‍යාපාරය, රැුකියා සහ විනිමය ආදායම් උත්පාදනයට ඉවහල් වන ක්‍ෂේත‍්‍ර සදහා විධිමත් සැලැස්මක් යටතේ දියුණුවට සහාය දීමට අමෙරිකාව සුදානම් බවයි මයික් පොම්පෙයෝ මෙහිදී පවසා ඇත්තේ.

ශී‍්‍ර ලංකාවේ අවශ්‍යතාව නොකඩවා ණය ගැනීම නොව විදේශ ආයෝජන ආකර්ශනය කර ගැනීමෙන් ඉහළ ආර්ථික වර්ධනයක් අත්කර ගැනීම යැයි ඊට ප‍්‍රතිචාර දක්වමින් ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා පවසා තිබෙනවා.

අන්තර් ජාතික වේදිකාවලදි මානව හිමිකම් සම්බන්ධයෙන් සහයෝගයෙන් කි‍්‍රයා කිරීමට දෙපාර්ශය මෙහිදී එකග වූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ.

මේ අතර අමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවීමෙන් අනතුරුව විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන සමග ද නිල වශයෙන් සාකච්ඡුා පැවැත්වුවා. අනතුතුරුව ඒකාබද්ධ ප‍්‍රවෘත්ති සාකච්ඡුාවකට එක්වෙමින් විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන හා අමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ අදහස් පළ කළා. ඉන් අනතුරුව අමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා කොළඹ කොච්චිකඬේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේ නිරීක්‍ෂණ චාරිකාවකටද එක්වූ බවයි විදේශ කටයුතු අමාත්‍යාංශය පැවසුවේ.   

මේ අතර මෙරට දෙදින නිල සංචාරයක නිරත වූ අමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පෙයෝ ඇතුළු ¥ත පිරිස අද පස්වරුවේ දිවයිනෙන් පිටත්ව ගියා.  

මේ අතර මෙරට චීන තානාපති කාර්යාලය ට්විටර් සටහනක් තබමින් ප‍්‍රකාශ කර ඇත්තේ චීන ශී‍්‍ර ලංකා සබදතා මෙන්ම මිත‍්‍රත්වය වර්ධනය කිරීම සදහා ඔවුන් කාර්ය බහුල වී ඇති බවයි. ඒ සම්බන්ධයෙන් ඔබ සදහන් කරන කී‍්‍රඩාව සම්බන්ධයෙන් අප උනන්දුවක් නොදක්වන බවද එහි සදහන්. එසේම එක්සත් ජනපදයට එකවර චරිත දෙකක් කි‍්‍රයාත්මක කළ හැකි බවද එම ට්විටර් පණිවිඩයේ වැඩිදුරටත් සදහන් කර තිබෙනවා.