Tuesday, May 14, 2024

General line - 0115112241

මත්තල ගුවන් තොටුපළේ වී ගබඩා කළ තැන ගැන අනාවරණයක්




මත්තල ගුවන් තොටුපළේ වී ගබඩා කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී ඊයේ උණුසුම් වාද විවාද ඇති වුණා. එහිදී සංවාදයට එක්වූ එවකට ආණ්ඩුවේ ගුවන් සේවා රාජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ පැවසුවේ වී ගබඩා කළේ ගුවන් තොටුපළේ නොව එහි ගබඩාවේ බවයි. අමාත්‍ය නාමල් රාජපක්ෂ ද ඊට මැදිහත් වුණා.

මත්තල ගුවන් තොටුපළේ වී ගබඩා කිරීමේ වගකීම සම්බන්ධයෙන් ද මෙහිදී උණුසුම් වාද විවාද ඇතිවුණා. 

මෙම සංවාදයට අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන ද එක්වුණා. 

මෙම සංවාදය ඇතිවුණේ සංචාරක අමාත්‍යංශයේ වැය ශීර්ෂයට අදාලවයි. එහි පිළිතුරු කතාව සිදු කළේ රාජ්‍ය අමාත්‍ය ඞී වී චානකයි.