Tuesday, May 14, 2024

General line - 0115112241

හෙට සිට ලංගම බස්, එකට දෙකක් ධාවනයට




හෙට සිට සෑම ගමන්වාරයක් ආරම්භයේදීම ලංගම බස් රථ දෙකක් ධාවනය කිරීම සඳහා කටයුතු යොදා ඇති බව බස් රථ ප‍්‍රවාහන සේවා රාජ්‍ය අමාත්‍ය දිලූම් අමුණුගම පවසනවා. ඔහු ප‍්‍රකාශ කළේ පාසල් වේලාවන් හා කාර්යාල වේලාවන් හීදී අදාළ ගමන්වාර ක‍්‍රමවේදය කි‍්‍රයාත්මක කරන බවයි. 

බස් රථ ප‍්‍රවාහන සේවා අමාත්‍යාංශය පැවසුවේ සෞඛ්‍ය මාර්ගෝපදේශ කඩ කරමින් මගීන් ප‍්‍රවාහනය කළ බස් රථ 30 ක බලපත‍්‍ර අවලංගු කර ඇති බවයි. දීපව්‍යාප්තව වැටලීම් දැඩි කර ඇති බවත් එවැනි බස් රථ රියැදුරන්ට එරෙහිව නීතිය ක‍්‍රියාත්මක කරන ලෙස පොලිස්පතිවරයාගෙන් ද ඉල්ලීමක් කර ඇති බවත් මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.