Tuesday, May 14, 2024

General line - 0115112241

දෙවනගල පුදබිම රකින්න රජය මැදිහත් වෙන්න - මල්වතු පාර්ශවය රජයෙන් ඉල්ලයි

හේරත් එකනායක




ඓතිහාසික දෙවනගල පුරාවිද්‍යා පුදබිම ආශ‍්‍රිතව අනවසර ඉදිකිරීම් සම්බන්ධයෙන් රජය වහාම මැදිහත්විය යුතු බව මල්වතු පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය දිඹුල්කුඹුරේ විමලධම්ම හිමියන් පවසනවා. උන්වහන්සේ පවසන්නේ දෙවනගල පුරාවිද්‍යා පුදබිම ආශ‍්‍රිත ඉඩම් කිසිඳු පාර්ශ්වයක් වෙත අනවසරයෙන් නතු කරගැනීමට ඉඩ ලබාදිය නොහැකි බවයි.

මේ වන විට දෙවනගල පුරාවිද්‍යා පුදබිම ආශ‍්‍රිත තත්ත්වය පිළිබ`ද විහාරාධිකාරී පූජ්‍ය මැදිරිගිරියේ පූඥ්ඥසාර හිමියන් මෙහිදී මල්වතු පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය දිඹුල්කුඹුරේ විමලධම්ම හිමියන් වෙත කරුණු පැහැදිලි කර දි තිබෙනවා. මේ, පසුව අදහස් දැක්වූ පූජ්‍ය මැදිරිගිරියේ පූඥ්ඥසාර හිමියන්. 

ඓතිහාසික දෙවනගල පුරාවිද්‍යා පුදබිම ආශ‍්‍රිතව අනවසර ඉදිකිරීම් සම්බන්ධයෙන් නෙත් නිවුස් සහ නෙත් එෆ් එම් බැලූම්ගලද දිගින් දිගටම කරුණු අනාවරණය කළා. 
මේ අතර අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ද ඊයේ ප‍්‍රකාශ කළේ බුදුදහම ආරක්ෂා කරගැනීම අන්‍ය ආගමිකයන්ගේද වගකීමක් බවයි.