Tuesday, May 14, 2024

General line - 0115112241

මහනුවර හා බන්ධනාගාර කොරෝනා අවධානම ඉහල යයි




බන්ධනාගාර පොකුරේ සහ මහනුවර කොරෝනා අවධානම තවදුරටත් ඉහල ගොස් තිබෙනවා. ඒ, ගතවූ පැය 24තුළ වාර්තා වු දත්ත වලට අනුවයි. ඒ, අනුව බෝගම්බර සහ මහර බන්ධනාගාරවලින් වාර්තාවන කොරෝනා ආසාදිත සංඛ්‍යාව 183ක්. 

මහනුවරින් ගතවූ පැය 24 ආසාදිතයින් 170ක් අලූතින් වාර්තා වී තිබෙනවා. ඊයේ දිනය තුළ වාර්තා වු සමස්ථ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 669ක්. ඉන් වැඩිම පිරිස වූ 204 දෙනෙකු වාර්තා වී ඇත්තේ කොළඹ දිස්ති‍්‍රක්කයෙන්. කොටහේන, බ්ලූමැන්ඩල් ප‍්‍රදේශයෙන් 48 දෙනෙකු, බොරැල්ල ප‍්‍රදේශයෙන් 31 දෙනෙකු සහ කුරුඳුවත්ත ප‍්‍රදේශයෙන් 30 දෙනෙකු ද ඒ අතරට අයත්.

ගම්පහ දිස්ත‍්‍රික්කයෙන් ද ආසාදිතයන් 111 දෙනෙකු අලූතින් හඳුනාගැනීම ද විශේෂත්වයක්. ඊට හේතුව වන්නේ ඉකුත් සතිය තුළ ගම්පහ දිස්ත‍්‍රික්කයෙන් දෛනිකව වාර්තා වූ ආසාදිතයන් සංඛ්‍යාව අඩු අගයක් ගැනීමයි. මීගමුව ප‍්‍රදේශයෙන් 45 දෙනෙකු සහ මහර ප‍්‍රදේශයෙන් 36 දෙනෙකු ද ඒ අතරට අයත්.

කොවිඞ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක‍්‍රියාන්විත මධ්‍යස්ථානය පැවසුවේ මිනුවන්ගොඩ සහ පෑලියගොඩ කොවිඞ් පොකුරෙන් වාර්තාවන සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 23,670 දෙනෙකු දක්වා ඉහල ගොස් ඇති බවයි. ඊයේ දිනය වනවිට කොවිඞ් -19 වෛරසය ආසාදනය වූ මෙරට සමස්ත සංඛ්‍යාව 27,227ක් ලෙස වාර්තා වුණා. 

ඉන් 20,089 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් අවසන්. ඒ අනුව තවදුරටත් ප‍්‍රතිකාර ලබමින් සිටින සංඛ්‍යාව 7,001ක් පමණයි. 

ඊයේ දිනයේ නව මරණ 07 වාර්තා වීමත් සමග කොවිඞ් -19 වෛරසය ආසාදනයවීම හේතුවෙන් මෙරට තුළ සිදුවී ඇති සමස්ත මරණ සංඛ්‍යාවද 137ක් දක්වා ඉහළ ගියා.